Back Image

ප්‍රධාන රථ වාහන වැරදි 6ට දඩය රු.25,000යි...






බීමත්ව රිය පැදවීම,අධික වේගය ඇතුළු රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට බස් සංගම් එකඟවූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හෝ එවැන්නෙකුට තම රථය පැදවීමට ඉඩදීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව කියැවෙයි.

මෙම රථවාහන වැරදිවලින් මීට පෙරාතුව රු.2500ක දඩ මුදලක් නිකුත් කරනු ලැබුවේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම සඳහා පමණි.

මීට අමතරව දුම්රිය හරස් මාර්ගයකින් නොසැලකිලිමත් ලෙස ධාවනය කරලීම,බීමත්ව රිය පැදවීම,රක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම යන වැරදි සඳහා උසාවියට ඉදිරිපත් කිරීම සිදුවිය.

සම්මත වේගයට වැඩියෙන් ධාවනය කිරීමේ වරදට රු.1000ක දඩයක්ද,වමෙන් ඉස්සර කිරීමේ වරදට රු.500ක්ද,අන් අය වාහනයක් පදවා වරදක් සිදුවූ විට හිමිකරුට රු.300ක දඩයක්ද ලෙස මීට පෙරාතුව දඩ මුදල් නියම කෙරුණු අතර මේ අනුව නවතම සංශෝධිත රෙගුලාසි වලට අනුව මේ එක් එක් වරදක් සඳහා රු.25,000ක් අයකරනු ලැබෙයි.



0 comments:

Post a Comment